Induni13

මං ආපහු ආවා ළමයි...
          
          Exam ඉවර වුණානේ...ඉවර වෙලා නම් දැන් සතියක්..ඒත් ඉතින් නතර කරපු තැන ඉඳන් කතාව ආයේම ලියන්නත් එපැයි..
          
          ආයෙත් කතාව අරන් ඔන්න මං ආවා..ඒ වගේම පුංචි අලුත් දෙයක් පරණ චැප්ටර්ස්වලට ඇඩ් කරලත් තියෙනවා..කතාවට පොඩි කොමික් වයිබ් එකේ පින්තූර වගයක් එකතු කළා..ඔයාලා බලන්නකෝ..
          
          මේ දවස්වල මේක ඇතුළේ සෑහෙන ප්‍රශ්න ගොඩක් නේද...ඇත්තටම කියවන අය පරිණතයි කියලා මං හිතන්නේ..මෙතන ගොඩක්ම ප්‍රශ්න ඇති කරන්නේ වට්පෑඩ් නිසා කියවන්න පටන් ගත්ත අය මට පේන හැටියට..ගොඩක් කතා නැතිවෙලා කියලත් මං දැක්කා
          
          මං කියන්නේ කියෙව්වට කමක් නෑ හැබැයි හැමතැනම මේවා කිය කිය යන්න ඕන නෑනේ...කියන්නම ඕනේ නම් යාළුවෝ එක්ක බෙදාගන්න..යූ ටියුබ් එකේ සිංදුවක් ගත්තත් මේක අරයාගේ මේක මෙයාගේ කිය කිය යන්න එපා ළමයි ඇත්තටම ඒක වදයක්නේ..අනික චරිතෙකට සමාන කෙනෙක් දැක්ක ගමන් මෙන්න මේ නම් අරයා කියන්න එපා..ඒක හිත ඇතුලේ තියාගන්න..මොකද ඒ මනුස්සයා කැමති නැතිවෙන්නත් පුළුවන්නේ එහෙම කියනවට..
          
          මං හිතන්නේ මුල්ම කාලේ මෙච්චර ප්‍රශ්න තිබ්බෙ නෑ...රියැලිටියයි ෆැන්ටසියයි පටලගන්න එපා...සමහරක් තැන් ලස්සන ඒවා හැංගිලා තිබ්බම..රහස් රකින්න දන්න මිනිස්සුන්ට විතරයි ඒවා මුණගැහෙන්න ඕනෙත්..
          
          ඒ වගේම කතාවක ස්ට්‍රේට් කපල් එකක් දැක්ක ගමන් ඇයි අනේ එහෙම මෙයාට කෙල්ලෙක්ව සෙට් කළේ කොල්ලෙක්ව සෙට් කරන්න බැයි ද කිය කිය කෑගන්න එපා ළමයි..අනේ මන්දා වෙලාවකට හිතෙනවා මොන මානසිකත්වෙක ඉන්නවද කියලා..මාත් BL කියවනවා..එහෙමයි කියලා හැමතැනම කිය කිය යන්නෑ...අපිටමයි මේ දේවල් නිසා ලස්සන කතා නැතිවෙන්නේ..
          
          ඒ නිසා කියෙව්වට කමක් නෑ ලිව්වත් කමක් නෑ හැබැයි ටිකක් හිතලා බලලා වැඩ කරන්න..
          තරහකට කියනවා නෙවෙයි...ඒත් ඔයාලම හිතලා බලන්න..
          
          බොරාහේ!!💜💜
          
          YK💜

Induni13

ළමයිනේ..!! 
           ඔයාලාට නිවාඩු පාඩුවෙ කියවන්න පුළුවන් ලස්සන කතාවක් හම්බුණා මට..ඒ නිසා ඔයාලා එක්කත් බෙදාගන්න හිතුණා..ඔන්න එහෙනම් කියවලාම බලන්නකෝ..
          
          https://www.wattpad.com/1547472707-%F0%9D%97%A6%F0%9D%97%B2%F0%9D%97%B0%F0%9D%97%BC%F0%9D%97%BB%F0%9D%97%B1-%F0%9D%97%96%F0%9D%97%B5%F0%9D%97%AE%F0%9D%97%BB%F0%9D%97%B0%F0%9D%97%B2-complete-episode-01
          
          @LunaInkDreams

Induni13

@LunaInkDreams You deserve it lamayoo❤️
• Reply

LunaInkDreams

@Induni13 Thank you so much for this heartfull recommendation darling❤️✨
• Reply

Induni13

"ඔහු හැමදාම බයවෙලා හිටපු දේ ඒ විදිහටම වුණා එහෙනම්..ඒක පාර්ශ්වික ආදරවන්තයෙක් වෙන එක.ඒකත් ඔහුගේ හොඳම මිතුරියට..ඔහුගේ පළවෙනි ආදරේට.."
          
          
          
          "මට පිස්සු වුණාට උඹෙ ඇස්වලට පිස්සු නෑනේ බ්‍රෝ..දිලිසෙනවා දිලිසිල්ලක් ආය ඉතින්.."
          
          
          "අනී..(නෑ නෑ) ජීවුන් සෝජුන්ගේ දරුවෙක් නෙවෙයි.."
          
          
          
          "මේක මෙහෙම ගළපන්න පුළුවන් කතාවක් නෙවෙයි හෝසු.මේක පටන්ගත්තෙම අපි ඔක්කොම පටලවගෙන.මට තියෙන දුක මගෙ මනුස්සයා අදටත් ජීවත් වෙන්නේ පිච්චි පිච්චි.."
          
          
          
          හිමිකරගන්න බැරි බව දැන දැනත් ඇස් මානෙම හැමදාම ඉන්නකොට හදවතින් එළියට බහින්න දඟලන ආදරේ හංගන්න වෙන එක කොයිතරම් නම් වේදනාක් ද?හරියට ඒක එක්තරා විදිහකට පොතක අවසානය අපි බලාපොරොත්තු නොවන බව දැන දැනම පොතට ලෝබකම නිසාම ඒක අත්නොහැර කියවනවා වගේ වෙන්න ඇති...
          
          
          
          
          
          JUST PUBLISHED
          පරිච්ඡේදය 45
          
          https://www.wattpad.com/1626691463-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-love-from-dreamland-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA

Induni13

මේ කතාව කියවලා බලන්නම ඕනේ කතාවක්..මං කියවපු ලස්සනම කතාවක් නිසා ඔයාලටත් කියන්න හිතුණා..
          
          Default by @Ava_Isabell1
          https://www.wattpad.com/1539662386-%E0%B6%A9%E0%B7%99%E0%B7%86%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-default-straight-completed-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8