@Hiruni_S අක්කා,
මං කියෙව්වා හරෝහරා කොටස් ඔක්කොම. දවස් තුනකින්.
ලස්සනයි අක්කේ. ඇත්තටම මං ආස පැති ගොඩක් touch කරලා ලියපු කතාවක්. (ආදරය,යන්ත්‍ර මන්ත්‍ර,කතරගම,යක්කු)
මෙහෙම කතාවක් තියෙනව කියලා දැන ගත්තට මට කියවන්න ගන්න හිතුනෙ නෑ. ඒත් මොකද්දෝ එකකට මං කියවන්න ගත්තා. මට එපිසෝඩ් දෙකක් යද්දි පුදුම ආසාවක් ආවෙ මේක කියවන්න. ❤️
ඔයා ඒ පරිසරය,මිනිස්සු හැම දේම අඩුත් නැතුව වැඩිත් නැතුව ලස්සනට ගොතලා. ඒකෙ චරිත වෙන වෙනම ලස්සනට ගැලපෙන විදියට build up කරලා. ආර්‍යු ටික ටික ආදරණීය වෙන හැටි මට බලන් ඉන්න ආස හිතුනා. මුල් ටිකෙයි අග ටිකෙයි එයාගෙ චරිතයෙ වෙනස පේන්න මාර විදියට ඔයා ගලා ගෙන යන විදියට ලියලා. (දක්ෂයි)
හැඟීම් නම් උපරිමයි අක්කෙ ❤️
ඔයා දිගටම ලියන්න. ලස්සනට ❤️
දේව් ට මං දැනට කැමති නෑ. එයා ආත්මාර්ථකාමි උනා වගේ එයාගෙ ආදරේදි. පසුවට බලමු.
මං කැමතිම ආර්‍යු ට. මාර මනුස්සයෙක්. සෝසෙත් දෙවෙනි නෑ. එයාගෙ කෝණයෙන් එයා මාර ලස්සනට හැඟීම් රහ කරලා කියනවා. (ඔයාම තමා ඉතින් ඒ ❤️)
Anyway, හරෝහරා පිස්සුවක් ❤️
Update එනකම් ඉවසන් ඉන්න බැරි scene එකජ් තියෙන්නෙ .